වෙසක් පුන් පොහෝ දිනය ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම
ඉතා වැදගත් දිනයක්. ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබන
අවසන් ජන්මොත්සවයත්, සියළු ලෝක වාසීන්ගේ හිත සුව පිණිස සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස්
වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන
සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන්
වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී ස්ඛන්ධ
පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන සිහි කරනු සඳහා ලොව පුරා වෙසෙන සැදැහැවතුන්
වෙසක් පුන් පොහෝ දිනය ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද සමරනවා.
වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම,
බුද්ධත්වයට පත්වීම,
පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ
මංගල්‍යයන්ට අමතරව සිදු වූ තවත් වැදගත් සිදුවීම් කිහිපයක්ම තිබෙනවා.

සුමන සමන් දෙවිඳුගේ
ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම සිදු වූයේද උතුම් වෙසක් පුන්
පොහෝ දිනකයි. සිංහල වංශයේ ආදිතමයා
වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද , දේවානම්පියතිස්ස
රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම ද, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක්
පුර පසළොස්වකදා බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

සමස්ථ බෞද්ධ ජනතාවම
දන් දෙමින් , සීලාදී ගුණධර්ම ආරක්ෂා
කරමින් , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙයි .දන්සැල්
දෙයි. මෙලෙස සමස්ථ ලෝකයාම සැනසීම ලබයි.
මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ
සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ
කාහටත් විශේෂ කරුණක් වනු ඇත.
ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන
අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය,
බුද්ධත්වය සහ
පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය සැදැහැ
සිතින් සමරමු.
කේ.එම්.ඉරේෂා නදීශානී