වර්ෂ 1945න් පසුව ලොව
කොටස් දෙකකට බෙදීම ආරම්භ කරන ලද සීතල යුද්ධය ජය ගැනීමට නව සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම
සිදු විය. මේ හරහා ලොව
ඉලෙක්ට්‍රොනික තාක්ෂණික මාධ්‍යයන් ඔස්සේ සන්නිවේදනය සිදුකිරීම වේගවත් විය.
20 වන සියවසේ අගභාගය
තෙක් ලොව වඩාත් ප්‍රචලිතව පැවති පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය සහ රූපවාහිනිය
සම්ප්‍රධායික මාධ්‍යයන් බවට පත් කරමින් චන්ද්‍රිකා තාක්ෂණය, අන්තර්ජාලය හා ඩිජියල්
තාකෂණය හරහා නව සන්නවේදන ක්‍රමවේදයන් රාශියක් සන්නිවේදන ක්ෂේත්‍රයට එකතු විය.
සමාජ මාධ්‍ය ( ෆේස්
බුක් , ට්විටර් Google + ) චැට් රෑම්, විද්‍යුත්
ලිපි, අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන පරිශීලක සමාජ , වෙබ්
දැන්වීම්, තොරතුරු එක්රැස් කරන හා ඉදිරිපත් කරන මාධ්‍ය ( විකිපීඩියා, විකිලීස්, Mashable, Redit)වෙබ් අඩවි
ජංගම දුරකථන ආදී මාධ්‍ය භාවිතයන් රැසක් මේ ගණයට වැටේ.
නව මාධ්‍ය වශයෙන් හැදින්වෙන මාධ්‍ය
භාවිතයේ දී හඳුනාගත හැකි විශේෂම ලක්ෂණය වන්නේ ග්‍රාහකයන්ගේ ප්‍රතිපෝෂණ හා අන්‍යෝන්‍ය
ක්‍රියාකාරීත්වය මත වැඩි වශයෙන් රඳා පැවතීමයි.
සන්නිවේදන ක්‍රියාවලිය තුළ නව මාධ්‍ය
භාවිතයේදී තවදුරටත් පහත ලක්ෂණ හඳුනාගත හැකිය.
·
නව මාධ්‍ය අන්තර්ගතයන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට
ඩිජිටල් උපාංග හරහා ප්‍රෙවේශ වීමට ඇති හැකියාව.
·
ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතයන් පැවතීම.
·
ග්‍රාහක ප්‍රතිපෝෂණ සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය
ක්ෂණිකව සිදුවීම.
·
පාඨ , රූපක සහ වීඩියෝ සම්මිශ්‍රිතව වේගවත්ව තොරතුරු ගලනය
කළ හැකි වීම,
·
ඒ ඒ නව මාධ්‍යවලට සුවිශේෂී පරිශීලක ප්‍රජාවක් බිහි වීම.
නව මාධ්‍ය හරහා තොරතුරැ නිර්මාණය , ප්‍රසිද්ධ කිරීම, බෙදා හැරීම සහ
පරිශීලණය කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට සිදු කළ හැකිය. මේ නිසා නව
මාධ්‍ය භාවිතය සමාජ ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදි. ඒ අතරින්
නව සහශ්‍රයේ විශාලම බලපෑම සිදු වූයේ දේශපාලන ක්ෂේත්‍රයටයි.
දේශපාලනය හුදෙක් මැතිවරණ කාල සීමාවට පමණක් සීමා නොවෙමින් දේශපාලකයන් හා
ජනතාව අතර පුළුල් සබඳතාවක් දීර්ඝ කාලීනව සැලසුම් සහගතව ගොඩනැගීමට නව මාධ්‍ය සමත්
වී ඇත. නව මාධ්‍ය හරහා දේශපාලකයන් සහ ජනතාව අතර පවතින සම්බන්ධතාවය නිරන්තරයෙන්
යවත්කාලීන වන ඩිජිටල් සබඳතාවක් බවට පත්ව ඇත. මේ ඔස්සේ පාලන බලයේ නියැලෙන පිරිස
මෙන්ම විපක්ෂයේ කටයුතු සම්බන්ඳයෙන්ද නිරන්තරයෙන් දැනුවත් සහ සම්බන්ධව කටයුතු කරන
පුරවැසි ප්‍රජාවක් බිහිකිරීමට ද නව මාධ්‍ය දායකව ඇත.
නව මාධ්‍ය දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි තත්වයට පත්වීමට
හේතු වු කරුණු අතර දේශ සීමා හෝ වෙනත් භෞතික බලපෑම් වලින් නිදහස්ව ක්‍රියාත්මක වීමට
ඇති හැකියාව ප්‍රබල වේ.
නව මාධ්‍ය විසින් මෑත කාලීනව දේශපාලන
වෙනස්කම් සිදු කළ අවස්ථා නිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
2008 වර්ෂයේ ඇමරිකානු ජනාධිපතිවරණය උදෙසා බැරැක් ඔබාමා විසින් නව මාධ්‍ය
හරහා ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය දැක්විය හැකිය. මෙම මැතිවරණ ව්‍යාපාරය ඉතිහාසයේ ප්‍රථම
වරට නව මාධ්‍යයේ බලය උපරිම ලෙස යොදාගත් දේශපාලන ව්‍යාපාරය ලෙස හැදින්වීය. සමස්ථ ප්‍රචාරණ
ව්‍යාපාරය පුරා ෆේස්බුක් ,ට්විටර්,යූ ටියුබ් ආදී සමාජජාල මාධ්‍ය හා බ්ලොග් සහ
වෙබ් අඩවි වැනි නව මාධ්‍ය 15 ක් හරහා මිලියන ගණනක ඇමරිකානුවන් සමග නිරන්තරයෙන්
සම්බන්ධ වී තම ජයග්‍රහණය සනිටුහන් කරගැනීමට බැරැක් ඔබාමාට හැකිවිය.
2011 වසරේ මැයි මාසය තුළ නව දේශපාලන වෙනසක් ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ දියත්
වූ 15-M ව්‍යාපාරය ද
දේශපාලනය තුළ නව මාධ්‍යයේ බලපෑම මනාව ප්‍රකට වූ අවස්ථාවකි.
දේශපාලනය තුළ නව මාධ්‍යයට සිදු කළ හැකි බලපෑම ඉතා හොඳින් පැහැදිලි වූ තවත්
අවස්ථාවක් ලෙස 2009 අප්‍රේල් මස 07 දින මොල්ඩෝවා ජනරජයෙහි පැවති මහ මැතිවරණය නැවත පවත්වන ලෙස නව මාධ්‍ය හරහා ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරය පෙන්වා
දිය හැකිය. මෙම විප්ලවය ට්විටර් විප්ලව ලෙසද හැඳින් වේ.
ඉන්දියානු අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි මහතා තේරී පත් වීම හා ශ්‍රී ලංකාවේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත් වීම ද නව මාධ්‍යයන්හි ප්‍රබල
දායකත්වයෙන් සිදු විය.
මානව ඉතිහාසය තුළ මින් පෙර නොතිබූ තරම් කාර්යක්ෂම දේශපාලන සන්නිවේදන ක්‍රියාවලියක්
පවත්වාගෙන යන්නට නව මාධ්‍ය පදනමක්ව ඇත. තාක්ෂණයේ අනාගත දියුණුවීම් හා ව්‍යාප්තීන්
හමුවේ මෙම තත්ත්වය අනාගතයේ දී තවත් පුළුල් වු ඇත.
ඉරේෂා නදීශානි