කුසට අහරක්
නැතත්
කුසගිනි
නිව්වා මගේ
ගතට වැරහැලි
ඇඳන්
සැරසුවා ගත
මගේ
සඳ සාවිය
නොනිදා
මුලු ලොවම
නිදනා රැයේ
මා හින්දා
නිදි වැරුවා
සීතලේ පන්
පැදුරේ
මහමෙරකි නුඹෙ
සවිය
පින් කෙතකි
සෙත සදන
ඉපිද මිය යන
තුරුම
පතන්නෙමි මා
නුඹව