තේ කෑල්ලෙන් ලැබෙන
තුට්ටු දෙක පිරිමහන්
හදාගත් මගෙ ගෙපැළ
බිලි අරන් ගංවතුර
හතර පෝයටම මං
සිල් ගත්තා පන්සලේ
බැරි වුණිද ඒ පිනට
වළකන්න ගංවතුර
කෙළීගේ කල වයස
හරි නිසා දීගෙ දෙන
ගත්තා අල්මාරියක්
ඒක දැන් තෙමිල ඇති
කතරගම දෙව්ඳුනේ
නොපෙනේද අපේ දුක
අනුන් දේ නොගත්තට
දෙවියො දුන් දඩුවමදඉරේෂා නදීශානී