සඳකඩ පහණ
පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම කැපීපෙනෙන අංගයක් වේ. පැරණි ලක්දිව ඉදිකරන ලද
ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළු වීම සඳහා වූ පියගැට පෙළෙහි මුලටම තබන ලද අර්ධකවාකාර
ගල්පුවරුව සඳකඩ පහණ වන අතර වර්තමාන පාපිස්සකින් සිදුවන කාර්යය ඉටුවන්නට ඇතැයි
විශ්වාස කරනවා.
ඉතාමත් අලංකාර
කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින්
විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන
සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික
වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේදී හා
පොලොන්නරු යුගයේ දී යි.
බොහෝ දුරට
ලක්දිවට පමණක් ආවේණික වූ කැටයම් අංගයක් වන සඳකඩ පහණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වී තිබෙනවා. අනුරාධපුර මුල්ම යුගයට අයත් සඳකඩ පහණ සෘජු කෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නට ඇතැයි
උපකල්පණය කළ හැකිය. උදා:- මිරිසවැටිය විහාරයේ සඳතඩ පහණ .එය කිසිදු කැටයමකින් තොර
වූ අතර හුදෙක් සරල චාම් අර්ධකවාකාර ගල් පුවරුවක් බව පමණක් කිව යුතුය.
අනුරාධපුර
සඳකඩ පහණේ මීළඟ අවස්ථාව වූයේ සම්පූරණයෙන් පිපුණු නෙළුම් මලක අඩක් සරල ගල් පුවරුව
මධ්‍යයෙහි නිරූපණය කිරීමයි. උදා:- ශ්‍රී මහා බෝධියට ඇතුළු වන දොරටුව අභියස සඳකඩ
පහණ
සඳකඩ පහණ
විකාශනයේ තවත් දියුණු අවස්ථාවක් ලෙස පෙරහැර ඊට එක් වීම දැකිය හැකිය. සඳකඩ පහණ
විකාශනයේ පරිසමාප්ත අවස්ථාවට පත් වීමෙන් අනතුරුව එය කලාත්මක පක්ෂයෙන්ද
විශිෂ්ටත්වයට පත් විය. අනුරපුර යුගයේ දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම මුහුකුරා ගිය සඳකඩ
පහණ කැටයම් මෝස්තර තුනකින් සමන්විත විය. පිටතින්ම ඇති තීරුවේ හමුවන්නේ ගිනිදැල් හෝ
පලා පෙති ය. ඊළඟ තීරුවේ ඇත්, අස්, සිහ, හා ගව යන සතුන් හතරදෙනාගේ පෙරහැරකි. මෙම සතුන් වමේ සිට
දකුණට ගමන් කරයි. ඉන් පසුව ලියවැලකි. ලියවැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන්
කරන නෙළුම් පොහොට්ටු කටින් ගත් හංසපෙළකි. සඳකඩ පහණෙහි මධ්‍යයේම නිරූපණය වන්නේ
සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අර්ධයකි. අනුරාධපුර යුගයට අයත් දැනට ලැබී ඇති
හොදම සඳකඩ පහණ හමුවී ඇත්තේ අභයගිරියට නුදුරුව පිහිටි බිසෝමාළිගයේ බව සොයා ගෙන ඇත.
ලක්දිව
ඓතිහාසික යුගයේ දෙවන උප අවධිය ලෙස පිළිගැනෙන පොළොන්නරු යුගය තුළදී සඳකඩ පහණ
සැලැස්මෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් ඇති බව පැහැදිලි වේ. පොළොන්නරු යුගයේ සඳකඩ
පහණ කවයකින් 3/4ක් පමණ වන අතර
එහි මධ්‍යයේද නිරූපණය වන්නේ පිපුණු මලක 3/4ක් වේ. පොළොන්නරුවේ
නෙළුම් මල, අනුරාධපුරයේ නෙළුම්
මලට වඩා මඳක් ඉහළට එස වී ඇත.
පොළොන්නරු
යුගයේ සඳකඩ පහණේ නිරූපණය කර ඇති රූප අතුරින් ගවයා අතුරුදහන් වී ඇති අයුරු පෙනේ.
මෙයට හේතුව හින්දු ආගමේ බලපෑම නිසා බව උගතුන්ගේ පිළිගැනීමයි. හින්දු ආගමේ ප්‍රධාන
දෙවියෙකු වන ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා පෑගීම අයහපත් ක්‍රියාවක් ලෙස සැලකෙන්නට
ඇත. අනුරපුර යුගයේ සතුන් හතරදෙනාම එකම පෙරහැරක ගමන් ගත් අතර පොළොන්නරු යුගයේදී එක්
එක් සත්ත්වයා සඳහා වෙනවෙනම පේළි යොදා ගෙන ඇත. අනුරපුර යුගයේ සඳකඩ පහණෙහි නෙළුම් මල
අසලින්ම නිරූපිත හංස පංතිය මේ සඳකඩ පහණේදී පිටතම තීරුවට තල්ලු වී ඇත. එසේම මෙම
යුගයේ ලියවැල් කීපයක් යොදා ගෙන ද ඇත. හින්දු ආභාසය හේතු කරගෙන විවිධ මෝස්තර හා
අලංකරණය සිදු වී තිබුණ ද අනුරාධපුර යුගයේ සඳකඩ පහණ කලාත්මක බවින් හා ජීවමාන බවින්
ඉහළ බව පෙනී යයි.
පොලොන්නරු
යුගයේ නටඹුන් වල අපට අර්ධ කවාකාර සඳකඩ පහණ හමු වුවත් පොලොන්නරු යුගයට අයත් ආලාහන
පිරිවෙනේ ඇති සඳකඩ පහණ හතරැස් ආකාර ගන්නවා. මෙහි හංසාවලිය හා අර්ධ පද්මය පමණක්
දක්නට ලැබෙනවා.
සඳකඩ පහණේ ඇති
ලියවැල තුලින් තණ්හාව මුර්තිමත් වන අතර ලෝක සත්වයා තණ්හාව නැමති ලතාවෙන් බැඳී
කම්සුව විඳින බවත් පෙන්නුම් කරයි. හංසාවලිය තුළින් තණ්හාවට පිටුපා ගිහිගෙය හැරයන
ආර්යයන් පෙන්වන අතර හංසයා කිරෙන් දිය වෙන්කල හැකි සත්ත්වයෙක් බව පිළිගන්නා නිසා
හොඳ නරක වෙන්කර ගත හැකි පුද්ගලයින් මේ තුලින් පිලිබිඹු වන බවත් පෙන්නුම් කරයි.
මෙහි කැටයම්
කර ඇති පියුමෙන් ශුද්ධ වාසයක් වන බඹලොව පෙන්නුම් කරන බවත් රාග, ද්වේශ, මෝහ නම් වූ
ගින්නෙන් පිළිස්සෙන ගිනිසිළු ආකාර පලාපෙති වලින් ලෝක සත්ත්වයා පෙන්නුම් කෙරෙනවා.
ඇතා,අශ්වයා,සිංහයා,ගවයා ගෙන්
ජාති ජරා ව්‍යාදී මරණ යන සතර භය පෙන්නුම් කරන අතර සතුන් හතර දෙනා කවය තුල නැවත
නැවතත් කටයම් කිරීම තුලින් ලෝක සත්වයා ඉපදෙමින් මිය යමින් නැවත අඛණ්ඩව සසර පුරා
ගමන් කිරීම සිදුකරන බව මේ තුලින් පෙන්නුම් කරන අතර
දුක අවබෝධ කරගත් සත්ත්වයා කෙසේ හෝ නිවන් මාර්ගයට යන බවද මේ මගින් අදහස් වේ.