පුද්ගලයන් දෙදෙනෙතු
අතර සිදුවන අදහස් හුවමාරුව පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස අර්ථ දැක්විය හැකිය.
පුද්ගලාන්තර සන්නිවේදනය අභිමුඛ හා අනභිමුඛ ලෙස හඳුනාගත හැකි අතර පුද්ගලාන්තර
සන්නිවේදනය වාචික මෙන්ම නිර්වාචිකව පැවැත්විය හැකිය. භාෂාව භාවිත කරමින් ඉදිරිපත් කරනු ලබන පණිවිඩයකදී
ඒ හා සම්බන්ධ නිර්වාචික සන්නිවේදන රැසක් ද ඉදිරිපත් වේ. භාෂාව යනු වචන වලට වඩා
වැඩි දෙයක්ය යන නිර්වචනය තුළින් එය මනාව පැහැදිලි වේ. පුද්ගලාන්තර සන්නිවේදනයේ
දී දෘශ්‍ය, ශ්‍රව්‍ය, ලිඛිත යන මාධ්‍ය මගින් භාෂාව සන්නිවේදනය කරනු ලැබේ.
කවිය භාෂාව මාධ්‍යය
කරගත් සන්නිවේදන විශේෂයකි. බහුතර වශයෙන් දෘශ්‍ය, ශ්‍රව්‍ය, ලිඛිත යන මාධ්‍යවල
පුද්ගලාන්තරව කවිය භාවිත වී තිබේ. මෙයින්ද වාචික සන්නිවේදනවට අයත් වන ශ්‍රව්‍ය
කාව්‍ය වැදගක් වේ. මේවා කනට ඇසෙන ශ්‍රැත ගෝචර පණිවිඩ විශේෂයක් වේ. කවිය උපයෝගී
කරගනිමින් යෙදුණ පුද්ගලාන්තර සන්නිවේදන අවස්ථා ජන සාහිත්‍යයේ සුලභය.
එම එක් එක් අවස්ථා
සමාජික අවශ්‍යතා සඳහා යොදාගෙත ඇත. පුද්ගලාන්තර
සන්නිවේදනය සඳහා කවිය සාර්ථක ලෙසට යොදාගත් අවස්ථාවක් ලෙස ගජමන් නෝනාගේ සහ ඇළපාත
මුදලිලේ ආදර කථාව උදාහරණයක් ලෙස ගත හැකිය.
ඇළපාත මුඳලි-
සසදර මන නන්න බඳුවන මුකුලින්ද
යුග නෙත පිරි කුන්ද ඝන රන් කුඹු මෙන්ද
මනහර වරනින්ද සසොබන මන නන්ද
කත නුඹ ලඟ නින්ද නොලැබුණෙ පවකින්ද
ගජමන් නෝනා-
කුන්ද මවන පොඹ කළ මැති සඳුන් ලසා
අන්ධකාරයට ඇවිලුණ පහන නිසා
නන්ද මනන දිලුනත් රූපෙන් සතොසා
නින්ද බැරිය මා ළඟ ඔඹ සිතන ලෙසා
( ජයසේකර 2002 පිටුව 06)
අන්තර්පුද්ගල සන්නිවේදනයේදී කවිය බොහෝ උපකාරී
වන බව අන්දරේ ඇසුරින් ගොඩ නැගී ඇති රස බර කථාන්දරයන්ගෙන් ද පැහැදිලි වේ. පහතින්
දැක්වෙන්නේ රජතුමා හා අන්දරේ අතර සිදු වන කවි හුවමාරුවකි.
රජතුමා-
දාර දෙකයි එක නම මුල් කරගෙන තැනුවා
පාර තිහක් ගැහුවත් බියකුත් නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයෙ මගදී දුටුවා
අන්දරේ-
දාර දෙකක් එක මැද එක ගැවසීය
වට පිට යන කලට සතරෙන් යාය
ගෙට වැඩි කලව කිසි බියකුත් නැතුවාය
මට දැනෙනා ලෙස මහ රජ ඉබ්බාය
අන්තර් පුද්ගල සන්නිවේදනය
නිර්මාණශීලීව ග්‍රාහකයාට ප්‍රියතාවයක් ඇකිවන ආකාරයට කවිය මගින් ඉදිරිපත් කළ හැකිය.
එක්තරා තරුණයකු මහමග දී මුණ ගැසෙන තරුණියකට තමන් සමග රැයක් පහන්
කරන ලෙස ඉල්ලීමක් කරන්නේ මෙසේය.
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද
නගෝ
වසාගෙ දෙතන අතනින් කිම්ද නගෝ
සැමියා නොමැති මග කනියම කිම්ද නගෝ
අම්බලමේ නැවතීලා යමුද නගෝ
තරුණියගෙන් එයට ලැබෙන පිළිතුරැ කවිය මෙසේය.
අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඬි ගම රට දුර හින්දා
ජනශ්‍රැති අධ්‍යයනයේදී පුද්ගලාන්තර සන්නිවේදනයයේදී
කවිය උපක්‍රමශීලීව අලංකාරවත්ව යොදාගත් අකාරය ඉහත සඳහන් ලෙස දැක්විය හැකිය.
ඉරේෂා නදීශානි