ජීවිතයේ හැම දෙයක්ම දැන් රේස් එකක් වෙලා. ඒකේ අවසානයක් පේන තෙක් මානයකවත්
නෑ. හැමෝම දඟලන්නේ රේස් එකේ ඉස්සරහින්ම දුවන්න.තමන්ට දුවාගන්න බැරි උනොත් තමන්ගෙ
දරුවව හරි ඒ රේස් එකට දක්කන්න අම්මල පසුබට වෙන්නෑ. දැන් ඉන්න අම්මල තාත්තලගෙ ලොකුම
හීනෙ තමන්ගෙ දරුවව රේස් එකේ ඉස්සරහින්ම ඉන්නව දකින එක. ඉතින් ඒකට අම්මල නොකරන
දෙයක් නෑ මුලින්ම කරන්නෙ දරුවව ටියුෂන් කඩවලට කොටු කරන එක'
දැන් ඉන්න ළමයිට කන්න බොන්න වෙලාවක් නෑ. අම්මගෙ තාත්තගෙ ආදරේ විඳින්න
වෙලාවක් නෑ. සමවයසෙ යාළුවො එක්ක එකතු වෙලා එලියෙ දුවල පැනල සෙල්ලන් කරන්න වෙලාවක්
නෑ. ටියුෂන් කඩ ඇතුළෙ හිර වෙලා අම්මලට ළඟා කරගන්න බැරි වුණ හීනවලට ළඟා වෙන්න උත්සහ
කරනවා. එදා ගමේ තිබුණ සෙල්ලං අද උන් අහලවත් නැතුව ඇති. ගමේ දුනල පැනල සෙල්ලං කරපු ළමයි
වෙනුවට අද ඉන්නෙ කම්පියුටර් ගේම් ,
ස්මාර්ට් ෆෝන් එකෙන් සන්නද්ධ වූ ළමුන් පිරිසක්.
ළමයිගෙ ලෝකේ ළමයින්ට අහිමි වෙලා තියෙනවා.ළමයිගෙ ලෝකෙ ටියුෂන් කඩ ඇතුලෙ
පරවෙලා යනවා. පාසලෙන් පසුව ටියුෂන් පන්තියට ගොස් 6-7 වන විට තඩි බෑග් එකක් උස්සගෙන
බඩ ගාගෙන ගෙට ගොඩ වෙන යාන්ත්‍රිකයෙක් අද ඉන්නෙ. රාත්‍රී ආහාර වේලෙන් 10-11 වෙනකම්ම
ගෙදර වැඩ කරන ඔහු අයෙත් උදෑසන 4 න විට අවදි වන්නෙ නගරයේ කිලෝමීටර ගණනක් එහායින් වූ
ජනප්‍රිය සුපිරි පැලැන්තියේ පාසලට යාමටයි.
ජීවිතයේ විඳින්න අවශ්‍ය කාලය ව්ඳවමින් ගත කරන්න ළමයින්ට අද සිද්ධ වෙලා තියෙනවා. ළමයි හරියට
යන්ත්‍ර සූත්‍ර වගේ. ටික දවසක් ය්ද්දි අම්මා හඳුනනෑ තාත්තා හඳුනන්නෑ ආගම දහම
හඳුනනෑ, උන් සමාජයට ගියාම උන්ටදාව උපදින දුව පුතා හදුනන්නෑ.
අද සමාජෙට උදාවෙලා තියෙන මේ තත්වෙ හේතුව සමාජ යථාර්ථයට මුහුණ නොදී රැල්ලට
මුහුණ නොදී රැල්ලට යාමයි.දරැවකුගේ ළමා කාලය දරැවකුට විඳින්න දෙන්න ඔන. එවිටයි
දරැවා ශික්ෂණයකින් ජීවත් වෙන්න ඉගෙන ගන්නෙ.
රැල්ලත් එක්ක ගහගෙන එන ඉමිටේෂන් හීන අහිංසක දරුවන්ට බලෙන් පළන්දවන්ට කරන
වෑයමට තිත කියන්න කාලය උදා වෙලා.
ඉරේෂා නදීශානී