Thursday, 6 July 2017

සමාජයෙන් දුරස්වන කියවීම

හුදකලාවේදී හා විවේකයේදී ප්‍රීතියටද, කතාබහේ දී හා විවාදයේදී බැබලීමටද කියවීම උපකාරී වන බව සර් ප්‍රැන්සිස් බේකන්ගේ අදහසයි.බොහෝ දේ කියවන්නා ඇවිදින පුස්තකාලයක් බවද තවත් අදහසකි. හොඳ පොතක් කියවා එය රස විඳිය හැකි පුද්ගලයා බොහෝ විට ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයෙකි. ජීවිතය දෙස මැදහත් සිතින් යුතුව බලන්නෙකි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන සනාථ කරන්නාක් මෙන් කියවන්නා යථාර්ථවාදී ජීවිතය ගත කරන පුද්ගලයෙකි.

වර්තමාන සමාජය තුළ මෙම පුද්ගලයන්ගේ අඩුව බොහෝ සේ දකින්නට ලැබෙන්නෙකි. මිනිසා සමාජයේ කෘර , හිංසාවාදී ක්‍රියා බොහෝ සිදු වේ. එයට හේතුව අද වන විට ළමා, තරුණ, වැඩිහිටි පිරිස් එක සේ කියවීමෙන් දුරස් වී විද්‍යුත් මාධ්‍ය, වෙබ් අඩවි, මුහුණු පොත, සමාජ ශාලා , පරිගණක ක්‍රීඩා හා බැඳෙමින් අන්තර්ජාලයේ සැරිසරමින් , ඉන්ටනෙට් කැෆේවල තම කාලය කා දමමින් ජීවිතය තුළ අතරමං වී සිටින බැවිනි. එම නිසා අද වනවිට තරුණ පරපුර අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී ඇත.

පුද්ගලයෙකුගේ සාහිත්‍ය රසඥතාවය ඉහළ නැංවීම උදෙසා හොඳ , අර්ථවත් ග්‍රන්ථයක් පරිශීලනය කළ යුතුය. එවිට අනාගතයට රසවිඳිය හැකි ග්‍රන්ථ බිහිකරන ලේඛකයන් බිහි කරගත හැකිය.නමුත් වර්තමානයේ කියවීමේ රුචිය අවම මට්ටමින් පවතින නිසා සමාජයට අවශ්‍යය අර්ථවත් , යහපත් ග්‍රන්ථ බිහි කරන ලේඛකයන් ප්‍රමාණය දිනෙන් දින අවම වෙමින් පවතී. ලේඛකයා බහුශ්‍රැත විය යුතුය, ඒ සඳහා කියවීම අත්‍යවශ්‍යවන්නේය.  හොඳ පොතක් කියවීම යනු යහපතු මිතුරකු ඇසුරු කිරීමක් වැනිය. නිරිමාණාත්මක සංකල්ප හා චිත්ත රූප මවා ගැනීමේ හැකියාව කියවීම අනුසාරයෙන් සාර්ථක වන්නේය.


                                             දාර්ශනික ග්‍රන්ථයක් කියවා ලබාගත හැකි මානසික ප්‍රබෝධය ඉන්ටනෙට් කැෆේවල රස්තියාදුවන තාරුණ පරපුරට කිසිදිනක ලබාගත නොහැකි බව තරුණ පරපුරට වටහා දිය යුතු කාලය පැමිණ අතැයි සිතමි. නැතහොත් කියවීම අතීතයට පමණක් වලංගුවන වචනයක් නක බව නොඅනුමානය. තාරුණ්‍යයේ පරිකල්පන ශක්තිය වැඩිකර උසස් ජීවිත පරිඥානයක් යුතු යහපත් සමාජයක් බිහි කර ගැනීමට ගත යුතු හොඳම පියවර සමාජය තුළ කියවීමේ සංස්කෘතියක් ඇති කිරීමයි. 

16 comments:

  1. kiyavima minisa sampurna karai

    ReplyDelete
  2. අද සමාජයට ගැලපෙන වැදගත් ලිපියක්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හොඳ ලිපියක්

    ReplyDelete
  5. Aththa kathawak..
    Eka kathawakata,lipiyakata witarak seema nokara kriyawenuth oppu karala tiyena eka gana nm godak sathutui akka..

    ReplyDelete
  6. Me rate miniss meka terum gaththa dawasata me rata japaayatath wada lassna diyunu ratak wewi

    ReplyDelete

කුසගින්න