Sunday, 28 May 2017

දෙවියො දුන් දඬුවමද





















තේ කෑල්ලෙන් ලැබෙන
තුට්ටු දෙක පිරිමහන්
හදාගත් මගෙ ගෙපැළ
බිලි අරන් ගංවතුර

හතර පෝයටම මං
සිල් ගත්තා පන්සලේ
බැරි වුණිද ඒ පිනට
වළකන්න ගංවතුර

කෙළීගේ කල වයස
හරි නිසා දීගෙ දෙන
ගත්තා අල්මාරියක්
ඒක දැන් තෙමිල ඇති

කතරගම දෙව්ඳුනේ
නොපෙනේද අපේ දුක
අනුන් දේ නොගත්තට
දෙවියො දුන් දඩුවමද

                                                      ඉරේෂා නදීශානී

7 comments:

  1. අපිම අපට කරගත්ත දේනේ

    ReplyDelete
  2. අපි කරපු දේට අපිම විදවනවා

    ReplyDelete
  3. දැන් වුනත් පුළුවන් අපිට පරිසරය රැක ගන්න. හොද නිර්මාණයක්

    ReplyDelete
  4. දැන් වුනත් පුළුවන් අපිට පරිසරය රැක ගන්න. හොද නිර්මාණයක්

    ReplyDelete
  5. ලස්සන නිර්මාණයක්

    ReplyDelete

කුසගින්න